Reuters මාර්ගගත පුහුණුව: ඩිජිටල් ජනමාධ්‍යෙව්දය හඳුන්වා දීම

සෑම වසරක් පාසා ම ඩිජිටල් මාධය වෙිදකා වඩාත් නවමු හා ජනප්‍රිය වන බැවින් නිවැරදි ජනමාධ්යවේදය අන් කවරදාකටත් වඩා වැදගත් වී තිබේ. දැන්, පුවත් වාර්තා කරන්නේ පුවත් කුටිවලින් පමණක් නොව දිනෙන් දිනම පුළුල් වන ඩිජිටල් තාක්ෂණයේ සහාය ඇති ලොව පුරා පුරවැසි ජනමාධ්‍යවේදීන් ද සමාජ මාධ්‍ය වේදිකා හා වෙනත් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ පුවත් ඉදිරිපත් කිරීමට හැකියාව ලබා සිටිති. ගතවන සෑම වසරක් පාසාම ජනතාව පුවත් භාවිතා කරන ආකාරය වෙනස් වේ.

ඔබේ සහතිකකරණය අරඹන්න

ඩිජිටල් ජනමාධ්‍යවේදය අවශ්‍ය වන්නේ මන් ද?

ජනමාධ්‍යවේදීන් සඳහා වගකීම් සහගතව, සදාචාර සම්පන්න ලෙස හා තහවුරු කර ගැනීමෙන් පසු වාර්තා කරන ආකාරය ඉගෙනීම වැදගත් වේ. වැදගත් ජනමාධ්‍යවේද අධ්‍යයන කිහිපයක් මගින් අනාවරණය වී ඇත්තේ ගෝලීය පුවත් පාරිභෝගිකයින් දිනෙන් දිනම ගැඹුරින් වාර්තා කිරීම් හා මධ්‍යස්ථ, අපක්ෂපාතී කරුණු දැක්වීමක් අපේක්ෂා කරන බවයි.

2021 වසරේ දී, ඇමෙරිකානු පුවත්පත් ප්‍රකාශන ආයතනයකින් සිදු කළ අධ්‍යයනයකින් අනාවරණය වී ඇත්‌තේ " වැඩිපුර කරුණු යනු සත්‍යයට සමීප වීමක් බව"ට ඇමෙරිකානුවන්ගෙන් 67%ක් විශ්වාස කරන බවයි. ඊට අමතරව, ජනමාධ්‍යවේදය අධ්‍යයනය සඳහා වන Reuters ආයතනය මගින් නිෂ්පාදිත නවතම ඩිජිටල් පුවත් වාර්තාව මගින් පවසා ඇත්තේ එහි ගෝලීය නියැදිවලින් අඩකට වැඩි ප්‍රමාණයක් "පුවත් සම්බන්ධයෙන් වන විට අන්තර්ජාලයේ ඇති කුමක් සත්‍ය ද කුමක් අසත්‍ය ද යන්න පිළිබඳව තමා සැලකිල්ලක් දක්වන බව" යි. DNR අධ්‍යයනයන් මගින් ද පෙන්වා දෙනුයේ "දිගු කාලීන පැවැත්මක් සඳහා වඩාත් ශක්තිමත් හා ගැඹුරු සම්බන්ධතාවයක් ප්‍රේක්ෂකයන් සමග මාර්ගගතව පවත්වා ගත යුතු බව ප්‍රකාශකයින් වැඩිවශයෙන් හඳුනා ගනිමින් සිටින" බවයි.

සම්පූර්ණ කිරීමේ සහතිකය

මෙම පැය දෙකේ පුහුණුව මගින් සහභාගිවන්නන්ට ඩිජිටල් ජනමාධ්‍යවේදය සඳහා හොඳම පරිචයන් හඳුන්වා දෙයි. බලපෑමක් ඇති කරවන සුලු පින්තූර හා ප්‍රායෝගිකව සිදු කරන ආකාරය භාවිතා කිරීමෙන් මෙම පාඨමාලාව මගින් පරිශීලකයාව ඩිජිටල් පුවත් රැස් කිරීම, තහවුරු කර ගැනීම හා වාර්තාකරණය, සමාජ මාධ්‍ය තුළ ඵලදායී ලෙස පළ කිරීම හා සුවතාව හා ප්‍රත්‍යස්ථතාව සම්බන්ධයෙන් විස්තර කරන මොඩියුල හතරකින් යුත් වැදගත් ප්‍රතිවේධනයන් පිරිනමයි. පැය දෙකේ පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසු සහභාගිවන්නන්ට පාඨමාලාව සම්පූර්ණ කිරීම වෙනුවෙන් ඩිජිටල් සහතිකයක් හිමි වෙයි.